ඉදිරියේ දී සිසුන් පාසල් පංති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන අතර, සියලුම ශ්‍රේණිවලට එය අදාළවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බවයි.
සිසුන්ට විභාග සමත් වීමට දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ උත්සවයට එක් අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවා.
අධ්‍යාපනය යනු ශාලාවක් තුළ දරුවන් එක්දහස් පන්සියක් පමණ රැස් කර දේශන පැවැත්වීම මගින් සාර්ථක කරගත හැකි ක්‍රියාවලියක් නොවන බවත් එය, දරුවන්ගේ විනය සැකසීම, බහුවිධ කුසලතා හා නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවත් මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා ප්‍රාථමික පන්තිවල සිසුන් සඳහා එවැනි දේශන පැවැත්වීමේ උපකාරක පන්ති ක්‍රම අදාළ කරගැනීම කෙසේ වත් ප්‍රායෝගික නොවන බව ද සඳහන් කර සිටියා.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ අවශ්‍ය උපකාරයක් ලබාගැනීම වරදක් නොවන නමුත් එය වාණිජත්වය පදනම් කරගත් කර්මාන්තයක් දක්වා විකාශනය වී තිබීම යෝග්‍ය තත්ත්වයක් නොවන බවයි ඔහු පැවසුවේ.
එමෙන්ම වත්මන් ආර්ථික හා සමාජ අභියෝග හමුවේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින දෙමාපියන්ට දරුවන්ගේ උපකාරක පන්ති වෙනුවෙන් අතිවිශාල මුදලක් වෙන් කිරීමට සිදු වීමේ ඛේදනීය තත්ත්වය වහා ම වළක්වාගත යුතු බවත් එසේ නොවුණහොත් ගුරු පුහුණු සැසි පවත්වා අධික මුදලක් වැය කර ගුරු වැටුප් ගෙවා භෞතික හා මානව සම්පත් සංවර්ධනය කර පාසල් පවත්වාගෙන යාමේ නිදහස් අධ්‍යාපන අරමුණු වියැකී යන බවත් සඳහන් කර සිටියා.
ලොව කිසිඳු රටක මෙවන් තත්ත්වයක් දක්නට නොලැබෙන බවත්, මෙරට පූර්ව ළමා අවධි අධ්‍යාපනය සම්බන්ධයෙන් පවත්නා සංකල්ප හා නිර්ණායක ද මුළුමනින් ම වෙනස් කළ යුතු මට්ටමක පවත්නා බවත් එය ද පූර්ණ පරිවර්තනයකට ලක් කළ යුතු බව ද ඔහු මෙහිදී පවසා සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීම යනු කඩයිම් ලකුණට ඉහළින් ලකුණු ලබාගැනීම නොවන බවත්, එම කඩයිම් ලකුණ තීරණය කෙරෙන්නේ රජයට වසරකට සිසුන්ට ලබා දිය හැකි ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රමාණය මත නිසා තව දුරටත් ප්‍රතිපාදන වැඩි කළ හැකි නම් ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු තවදුරටත් අඩුවන බවයි.
එබැවින් එම ලකුණු මත දරුවන් මැනීම සාධාරණ නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථා ලබ දීම සඳහා පවත්වනු ලබන මෙම ශිෂ්‍යත්ව විභාගයට දැනට එම පාසල්වල සිටින දරුවන් යොමු කරවීම ඵල රහිත ක්‍රියාවක් බවයි ඔහු සඳහන් කළේ.
එමෙන් ම ඉදිරියේ දී උසස් පෙළ විභාගය පැවැත්වුණ ද 2024 ජනවාරිවල පාසල්වල ප්‍රාථමික පන්ති පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර, ලබන වසර තුළ අතපසු වූ සියලු විෂය ආවරණ කටයුතු සම්පූර්ණ කර නිමා කරන බවත් පැවසුවා.
ඊට අදාළව නිවාඩු කාලය අඩුවන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.














YAKO ITA ISSELLA STAFF ROOM WADHLA KAKA BIBEE PACHA KELA KELA LOVE KARA KAKA INNA TEACHERS LA PANTHI KAMARA WALATA ELAWALA DANA SYSTEM EKAK HADAPAN. UN BERIMA WELAWAKA WITHARAYI CLASS ROOM WALATA YANNE. MEKA SPM, MAHANAMA WANI PASAL GODAKA DAKINNA LABENA DEYAK. PIRIMA PASAL WLALA LAMAYI TEACHERS LATA UGANWANNA DENNE NAHE, EPAMA WELA BEHELA YANA THARAMATA KEGANAWA, CONTROL NAHE. LAMAYINGE VINAYA PIRIHILA, ISOLA ATHULE DRUGS THIYENAWA, DRUGS GANNA DARUWO INNAWA. KAWUDHA MEWA HOYALA BALANNE. MEWA ANDUWE SAHA THAMUNGE WAGAKEEMA. DARUWO PASAL NEWITH INNE GURUWARU ENNE NAHI NISA, ENA GURUWARUNTA UGANWANNA DENNE NATHI NISA, DRUGS ATHULE THIYENA NISA.