සිවිල් වැසියන්ට නිකුත් කර ඇති තුවක්කු ගැන විගණන කටයුතු ඇරඹේ

සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

ඒ, අනුව එම විගණනයෙන් පසු හඳුනාගන්නා පුද්ගලයින්ට පමණක් යළිත් ගිනි අවි භාරදීමට පියවර ගන්නා බවයි එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේ.

එමෙන්ම ගිනි අවි ලබා ගෙන ඇති සිවිල් වැසියන් එම ගිනි අවි භාරදීම සම්බන්ධයෙන් යොමුකර ඇති අභියාචනා විභාග කිරීම ද ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

එම අභියාචනා විභාග කිරීම සඳහා අදාළ අභියාචනා යොමුකර ඇති පුද්ගලියන්ට කැඳවීම් දින ලබා දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?