සිරි ලංකාව මැදි ආදායම් ලබන රටක් ?

ඊයේ (11) ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කියා සිටියේ ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ගීකරණය කරවා ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවයි.

කැබිනට් ප්‍රකාශකවරයා ප්‍රකාශ කර පැයකට පසු, ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස තවදුරටත් පවතිනු ඇතැයි ද පැවසීය.

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන තත්ත්ව​ෙයන් ඉවත් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලෝක බැංකුවට ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දුන් බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඊයේ පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම්දීමේදී කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ‘මැද ආදායම් ලබන රටක’ සිට ‘අඩු ආදායම්ලාභී රටක්’ දක්වා පහත හෙළාගැනීම වෙනුවෙන් වන යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි.

රටේ ශ්‍රේණිගතකිරීම පහත හෙළීමක් සලකා බලන ලෙස ලෝක බැංකුව රජයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ පිළිබඳව රජය මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් පසුගියදා අදහස් පළකළ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසීය.

විශේෂයෙන්ම රටට ආධාර සහ අඩු පොලී ණය ලබාගැනීමේ දී මෙලෙස වර්ගීකරණයේ වෙනසක් සිදුකිරීම වැදගත් බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !