Empty Ad
AFC Banner
Empty Ad

සිරිල් රමෆෝසා හට දෙවන වරටත් ජනපති ධුරය

දකුණු අප්‍රිකාවේ සිරිල් රමෆෝසා ජනාධිපති ලෙස දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දී තිබෙනවා.

අප්‍රිකානු ජනරජයට විශ්වාසවන්තව සිටින බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජනරජයේ අනෙකුත් සියලුම නීතිවලට ගරු කරමින්, පිළිපදින බවටත් ජනපතිවරයා අගවිනිසුරු රේමන්ඩ් සොන්ඩෝ ඉදිරියේ දිවුරුම් දුන් බවයි විදෙස් වාර්තා
පවසන්නේ.

පසුගිය මාසයේ පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීමට දකුණු අප්‍රිකාවේ සිරිල් රමෆෝසා, අසමත් වුණා.

රමෆෝසා ජනාධිපති ලෙස නැවත තේරී පත් වීමට හැකි වූයේ ඔහුගේ අප්‍රිකානු ජාතික කොංග්‍රසය එහි දිගුකාලීන ප්‍රතිවාදී පක්ෂවන ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සහ අනෙකුත් පක්ෂ අතර සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ ගනුදෙනුවකින් පසුවයි.

1994 වර්ණභේදවාදයේ අවසානයෙන් පසුව දකුණු අප්‍රිකාව පාලනය කළ අප්‍රිකානු ජාතික කොංග්‍රසයට මැයි 29 මැතිවරණයෙන් සම්පූර්ණ ජයග්‍රාහකයෙකු වීමට නොහැකි වුණා.

ප්‍රිටෝරියා අගනුවර පැවැත්වෙන ජනපති දිවුරුම් දීමේ උත්සවයට ලොව පුරා රාජ්‍ය නායකයින් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වීමට නියමිතයි.

ඇන්ගෝලාව, උගන්ඩාව, මොසැම්බික්, චීනය, ඊජිප්තුව, පලස්තීනය සහ කියුබාව ඇතුළු රටවල් මේ සඳහා ආරාධනා ලැබ ඇති බව සඳහන්.

කෙසේ වෙතත් 15% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 58ක් ලබාගත් හිටපු ජනාධිපති Jacob Zuma විසින් පිහිටුවන ලද ද උම්කොන්ටෝ විසිස්වී (The uMkhonto weSizwe) පක්ෂය පවසා ඇත්තේ ඔවුන් සමාරම්භක උත්සවයට සහභාගී නොවන බවයි.

අප්‍රිකානු ජාතික කොංග්‍රසය ඡන්ද වලින් 40% ක් ලබා ගත් අතර ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය දෙවන ස්ථානයට පත් වූයේ 22% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
<p>?</p>