සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයෙන් සිය කීර්තියට හානි සිදුවූ බවට සුරේෂ් සලේ සාක්ෂි දෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක් විභාග වෙමින් තිබිය දී විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා විසින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කළ ප්‍රකාශයකින් සිය කීර්තියට හානියක් සිදු වූ බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ අද කොළඹ දිසා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළා.

කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්වුණා.

එම අවස්ථාවේදී විත්තිකාර සිරිල් ගාමිණී පියතුමා ද අධිකරණයේ පෙනී සිටියා.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූවන් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසදය 2021ඔක්තෝම්බර් 23 දින “සූම් තාක්ෂනය” ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවක දී සිරිල් ගාමිණී පියතුමා සිදුකළ ප්‍රකාශයකින් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 50ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා සුරේෂ් සලේ විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සුරේෂ් සලේ දරුවන් දෙදෙනකුගේ පියකු වන තමා යුද හමුදාවේ වසර 36ක සේවා කාලයක් සපුරා තිබෙන බව සඳහන් කළා.

විත්තිකරු විසින් සිදුකළ මෙම ප්‍රකාශය නිසා තමන්ටත් තම දරුවන්ටත් විශාල තර්ජනයක් එල්ල වූ බව සඳහන් කළ සාක්ෂිකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩු විභාගයක් පැවැත්වෙද් දී මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම හරහා වැරදි සමාජ මතයක් නිර්මාණය වීමට හේතු වන බවත් සඳහන් කළා.

විත්තිකරු විසින් සිදුකළ මෙම ප්‍රකාශය නිසා තමා දැඩි පීඩනයකට හසු වූ බවත් සාක්ෂිකරු කියා සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජනවාරි මස 25 වනදා තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
3
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?