සිරියානු, තුර්කි ඛේදවාචකයේ මරණ 28000ත් ඉක්මවයි – ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම්

සිරියාවේ සහ තුර්කියේ භූ කම්පනයෙන් පසු සුන්බුන් අතර ජීවතුන් අතර සිටියදී බේරා ගැනීමට හැකි පිරිස් සම්බන්ධයෙන් විශ්වාසය අඩුවෙමින් පවතින බව සහන කණ්ඩායම් පවසනවා.

භූ කම්පනයෙන් පසු මේ වන විට දින 5ක් ගතවී ඇති අතර දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව 28,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ අතර මෙම ඛේදවාචකය අතර තුර ප්‍රදේශ කිහිපයක දේපළ කොල්ලකෑම් ද වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

1939 වසරෙන් අනතුරුව තුර්කියේ ඇති වූ දරුණුතම භූමිකම්පාව ලෙසටයි මේ වන විට මෙම කම්පන වාර්තා අතරට එක්වී ඇත්තේ.

දකුණු තුර්කියේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට විවිධ කණ්ඩායම් බාධා ඇති කර ඇති බව ගලවා ගැනීමේ කණ්ඩායම් තුනක් ප්‍රකාශ කර තිබෙනවා.

ආශ්චර්යමත් ලෙස කුඩා ළමුන් ඇතුළු පිරිස් බේරා ගනිමින් තිබියදීත්, තවත් දිවි ගලවා ගත් පිරිස් සොයා ගැනීමේ බලාපොරොත්තු බොඳ වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

විදිධ කණ්ඩායම් අතර නොසන්සුන්තා හේතුවෙන් ජර්මානු සහ ඔස්ට්‍රියානු හමුදා සෙනසුරාදා සෝදිසි මෙහෙයුම් නතර කර තිබෙනවා.

දේපළ කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයින් 50 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ගිනි අවි කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි තුර්කි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේ.

නීතිය කඩ කරන ඕනෑම කෙනෙකුට දඬුවම් කිරීමට හදිසි බලතල භාවිතා කරන බව තුර්කිය ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

තුර්කියේ විවිධ කොල්ල කන්ඩායම් අතර ආක්‍රමණශීලීත්වය වැඩිවෙමින් පවතින අතර එය ජීවිතයක් බේරා ගැනීමේ අවස්ථා අවදානමට ලක්කරන බවයි සහන කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

ඔස්ට්‍රියාව සිය ගලවා ගැනීමේ ප්‍රයත්නයන් නතර කර පැය කිහිපයකට පසු, එරට ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, ගලවා ගැනීමේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට ඉඩ ලබාදීම වෙනුවෙන් ආරක්ෂාව සැපයීමට තුර්කි හමුදාව මැදිහත් වූ බවයි.

විවිධ කොල්ල කණ්ඩායම් අතර ගැටුම් වාර්තා වී ඇති අතර වෙඩි තැබීම් ද සිදුවී ඇතැයි සඳහන්.

ජර්මානු ගලවා ගැනීමේ කණ්ඩායම් කියා සිටියේ තුර්කි බලධාරීන් තත්වය ආරක්ෂිත යැයි සැලකූ වහාම ඔවුන් නැවත සහන කටයුතු ආරම්භ කරන බවයි.

තුර්කි රාජ්‍ය මාධ්‍ය සෙනසුරාදා වාර්තා කළේ කොල්ලකෑම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබී සොරකම් කරනා ලද මුදල්, ස්වර්ණාභරණ සහ බැංකු කාඩ්පත් ද සොයාගෙන තිබෙනවා.

තුර්කි පොලිසිය විසින් Gaziantep සහ Sanliurfa ප්‍රාන්තවල කඩා වැටුණු ගොඩනැගිලි සම්බන්ධයෙන් ද පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට කොන්ත්‍රාත්කරුවන් ද ඇතුළත් බව සඳහන්.

තුර්කියේ අවම වශයෙන් ගොඩනැගිලි 6,000 ක් කඩා වැටී ඇති තිබෙනවා.

සුන්බුන් යට සිරවී සිටියදී පැය 100 කට පමණ පසු ආශ්චර්යමත් බේරා ගැනීම් අතර තුර්කියේ Gaziantep පළාතේ සුන්බුන් අතරින් ගොඩගත් පස් දෙනෙකුගෙන් යුත් පවුලක් ද වනවා.

විදෙස් ප්‍රවෘත්ති වාර්තා කියාසිටියේ කඩා වැටුණු නිවස යට සිරවී සිටියදී දින පහකට පසු දෙමාපියන්, දියණියන් දෙදෙනෙකු සහ පුත්‍රයෙකු ආරක්ෂිත ස්ථානයකට ගෙන එන ලද බවයි.

සුන්බුන් යට පැය 132 කට ආසන්න කාලයක් සිරවී සිටි Hatay පළාතේ හත් හැවිරිදි දැරියක් ද බේරා ගනු ලැබුවා.

එමෙන්ම බදාදා දකුණු තුර්කියේ Antakya ප්‍රදේශයේ සහෝදරියන් දෙදෙනකු ද සුන්බුන් අතරින් සහන කණ්ඩායම් ගලවා ගත් දර්ශන විදෙස් මාධ්‍ය ප්‍රකාශයට පත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44