AFC Banner
Empty Ad
Empty Ad

සිරකරුවන් 350කට හෙට නිදහස

බන්ධනාගාරගත රැඳවූවන් සහ රැඳවියන් හෙට (12) දිනයේ දී නිදහස් කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක පැවසුවේ එම තීරණය අනුව හෙට දිනයේ දී රැඳවුම් නියෝග යටතේ සිටින රැඳවූවන් සහ රැඳවියන් පූර්ණ අධිකරණ දැනුම්වත් කිරීම් මත 350 දෙනෙකු නිදහස් කිරීමට පියවර ගන්නා බවයි.

මෙලෙස නිදහස් වීමේ තීරණයට යටත් වන්නේ සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් පිරිසක්.

හෙට දිනට යෙදී ඇති සිරකරු දිනය වෙනුවෙන් මෙම නිදහස හිමිගැන්වීම සිදු කෙරෙනවා.

ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?