Empty Ad
AFC Banner
Empty Ad

සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ මෙරටට එවූ ලාංකික සිරකරුවෝ

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ, එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට සිරදඬුවම් විඳිමින් සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32 දෙනෙකු, ඉතිහාසයේ පළමු වතාවට කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත නිදහස් කර එවා තිබෙනවා.

අද (25) පස්වරුවේ මෙම පිරිස පස්වරු 02.30ට කුවේට් ගුවන් හමුදාවට අයත් කේ.ඒ.එෆ්.- 3223 දරන ගුවන් යානය කුවේට් රාජ්‍යයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර මෙම සිරකරුවන් පිරිස භාර ගැනීමට ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් බස් රථ සමූහයක් සමග කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

ඉන් අනතුරුව දසත ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ, මෙම සිරකරුවන් පිරිස වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි.

මෙම ශ්‍රී ලාංකිකයන් කුවේට් රාජ්‍යය තුළ භයානක ගණයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන , අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරුවන් වූ පිරිසක්.

මොවුන් අතරින් කොටසක් ශ්‍රී ලංකාවට එවීම සඳහා ඉකුත් මාර්තු මාසයේ සිට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා ප්‍රයත්න දරා තිබූ බවයි වාර්තා වන්නේ.

පසුව කුවේට් රාජ්‍යයේ රජතුමා සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා තානාපතිවරයා පැවති සමීප සබඳතා උපයෝගී කර ගනිමින් සහ ඔවුන් සමග මේ පිළිබඳ සාකච්ඡා වට ගණනාවක් සිදු කිරීමෙන් අනතුරුව, මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීම සඳහා කුවේට් ගුවන් හමුදාව සතු විශාලතම සී.- 17 වර්ගයේ ගුවන් යානයක් නොමිලේ ලබා ගැනීමට ද අවස්ථාව හිමිව තිබෙනවා.

මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් ශ්‍රී ලංකාවට භාරදීමට පියවර ගෙන තිබුණ ද එම සිරකරුවන් හුවමාරු ගිවිසුම යටතේ මෙරට සිර දඬුවම් විඳිමින් සිටින කුවේට් සිරකරුවන් කිසිවෙකු නොසිටීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලාංකික සිරකරුවන් පිරිස මෙම ගුවන් යානය තුළ ද අත් මාංචු දමා රැගෙන පැමිණ තිබූ අතර ඔවුන් සමග කුවේට් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන්, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියා.

මෙම කුවේට් නිලධාරීන් පිරිස රැගත් ගුවන් යානය හෙට (26) දින යළි කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>