Onmax DT වංචාවට හසුවූවන්ට සහන සැලසීමට වැඩපිළිවෙළක් සකසන ලෙසට නියෝගයක්

ඔන්මැක්ස් ඩී.ටී පිරමීඩාකාර මූල්‍ය වංචාවට හසු වූ තැන්පත්කරුවන්ගේ සියලු පැමිණිලි ලැබීමෙන් අනතුරුව ඔවුන්ට මුදල් ලබාදීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කර ඒ පිළිබඳව කරුණු ඇතුළත් වාර්තාවක් ජූලි මස 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එමෙන්ම එළඹෙන මැයි 30 දිනට පෙර එම සිද්ධියට අදාළ සියලු පැමිණිලි භාර ගන්නා ලෙස දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම්දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

මෙම නඩුව වසර ගණනාවක් තිස්සේ විභාග වෙමින් පවතින බවත් තවදුරටත් එලෙස සිදුවීම තුළින් තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු නොවන බව පෙනීයන බැවින් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කරන ලෙසට හා සියලු පැමිණිලි මැයි 30 දිනට පෙර භාරගෙන අවසන් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙසට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

මේ වන විට සිද්ධියට අදාළ ව පැමිණිලි 5000ක් පමණ ලැබී ඇති බවත් සිදුකළ විමර්ශනවලට අනුව මෙම වංචාකාර පිරමීඩ මූල්‍ය ජාවාරම හරහා තැන්පත්කරුවන් සතු කෝටි 19ක පමණ මුදලක් වංචා කර ඇති බවත් නීතිඥවරයා සඳහන් කළා.

එම වංචාකරුවන් සතු මිලියන දෙකයි දශම හයක පමණ දේපල අධිකරණයේ නියෝග මත අත්හිටුවා ඇති බව ද නීතිඥවරයා අධිකරණයට දැන්වූවා.

මෙම තැන්පත්කරුවන්ගෙන් වංචාසහගතව ලබාගෙන ඇති මුදල් ඔවුන්ට නැවත ලබාදීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව නීතිපතිවරයාට ශ්‍රී ලංකා මහ බැංකුවට, හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නියෝගයක් ලබා දෙන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

මෙම සිද්ධියට අදාළව මේ වන විටත් පැමිණිලි ලැබෙමින් පවතින බවත් එම නිසා මෙම වංචා සහගත සිද්ධියේ ඇතැම් කරුණු කාරණා විමර්ශනය කිරීම පවා දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ත ඇති බව ද ඒ මහතා සඳහන් කළා.

වින්දිතයන් වෙනුවෙන් නීතිඥයා අචලා සෙනෙවිරත්න මහත්මිය ද අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර මෙම සිද්ධියට අදාළව 2019 වසරේදී මහ බැංකුවට පැමිණිලි ලැබී තිබූ නමුත් මහ බැංකුව ඒ පිළිබඳව අවධානය යොමු කළේ 2023 වසරේ දී නිසා තැන්පත්කරුවන්ට අසාධාරණයක් සිදු වූූ බව ද සිද්ධියෙන් පීඩාවට පත් වූ ඇතැම් තැන්පත්කරුවන් සියදිවි නසාගෙන ඇති බව ද ඇය සඳහන් කළා.

සිද්ධියට අදාළ සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජය පේමරත්න මහතා කියා සිටියේ තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු කිරීම සම්බන්ධයෙන් උපරිම සහාය ලබාදෙන බවය.

දෙපාර්ශ්වයේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළ කරුණු ඇතුළත් වාර්තාවක් ජූලි මස 23 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එසේ නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32