ඉන්දියානු ආධාර අරන් මියන්මාරයට නැවක් එයි

පසුගියදා මියන්මාරයට බලපෑ ප්‍රබල ද්විත්ව භූ කම්පනවලින් අවතැන් වූවන්ට සහන සැලසීමට ඉන්දීය නෞකාවක් මියන්මාරයට ගොස් තිබෙනවා.

ඉන්දියානු නාවික හමුදාවේ INS සත්පුර සහ INS සාවිත්‍රි නෞකාවන්, ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සඳහා ටොන් 50කට අධික සහන ද්‍රව්‍ය රැගෙන යැන්ගොන් වෙත පැමිණියා.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් X සටහනක් තබමින් පැවසුවේ සිය රාජ්‍යයෙන් එවූ නෞකා ද්විත්වයම අද දිනයේ දී මියන්මාරයේ යැන්ගොන් වෙත පැමිණ බවත්, බ්‍රහ්ම මෙහෙයුම යටතේ මෙම මානුෂීය ආධාර සැපයීම සිදු කරන බවයි.

බ්‍රහ්ම මෙහෙයුම යටතේ ඉන්දියාව මියන්මාරයට මෙට්‍රික් ටොන් 625ක මානුෂීය ආධාර ලබා දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

මාර්තු 28 වන දින මියන්මාරයට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් පසු, සෙවීම් සහ මුදාගැනීම් (SAR), මානුෂීය ආධාර, ආපදා සහන සහ වෛද්‍ය ආධාර ඇතුළු අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඉන්දියාව බ්‍රහ්ම මෙහෙයුම දියත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34