ඉන්දීය අගමැතිගේ සංචාරය හේතුවෙන් මෙරට විශේෂ රථවාහන සැලැස්මක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

අනිද්දා (04) දින මෝදි අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිනෙන අතර එදින පස්වරු 06 සිට රාත්‍රී 10 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයක දී වසා දැමීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොපටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට මෙම මාර්ග වසා තැබීම ගැන අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසටත් දැනුම්දී තිබෙනවා.

අප්‍රේල් මස 05 වැනි දින ගාලු මුවදොර, නිදහස් චතුරශ්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශයන් හි මාර්ග අවස්ථා කිහිපයක දී වස තැබීමට කටයුතු කරනු ඇති.

මෙම කාලසීමාව තුළ දී රථවාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාව අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිත කිරීමට යොමු කිරීමට පොලිස් රථවාහන නිලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32