බිරිඳ ඝාතනය කර ගමන් මල්ලක සඟවා සැමියා පළා ගිහින්

36 හැවිරිදි සැමියා විසින් තම බිරිඳ ඝාතනය කර ඇයගේ සිරුර කැබලි කර ගමන් මල්ලක දමා සඟවා පළාගිය පුවතක් ඉන්දියාවේ බැංගලෝර්වලින් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි ගෞරි අනිල් සම්බෙකර් නැමැති තැනැතියක් වන අතර, ඇය විවාහ වී සැමියා වන රාකේෂ් ද සමඟ වසරක පමණ කාලයක සිට බැංගලෝර්හි ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය බදාදා රාත්‍රියේ දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

මෙම යුවළ රැදී සිටි නිවසේ ගමන් මල්ලක අසුරා තිබියදී කැබලි කළ මළ සිරුර සොයාගත් අවස්ථවේ මෙම දරුණු අපරාධය අනාවරණය වී තිබෙනවා.

මූලික අධිකරණ වෛද්‍ය විශ්ලේෂණයට අනුව, කාන්තාවගේ බෙල්ලට සහ උදරයට කිහිප වතාවක් පිහියෙන් ඇන ඇති අතර, පසුව ඇගේ සිරුර කොටස් අටක් හෝ දහයකට කපා ගමන් මල්ලේ සඟවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අපරාධය සිදු කිරීමෙන් පසු සැකකාර සැමියා ගෞරිගේ දෙමාපියන්ට දුරකථනයෙන් කතාකර මෙම ක්‍රියාවට පාපොච්චාරණය කර ඇති බවයි තොරතුරු හෙළිව ඇත්තේ.

පාපොච්චාරණයෙන් තැතිගත් ගෞරිගේ දෙමාපියන් වහාම මහාරාෂ්ට්‍ර පොලිසියට ඒ බව දැනුම් දී ඇති අතර, පසුව බැංගලෝර් පොලිසිය හා සම්බන්ධව විමර්ශන අරඹා තිබෙනවා.

අපරාධයෙන් පසු, බැංගලෝරයෙන් පලා ගිය රාකේෂ්ගේ දුරකථන ඇමතුම් විස්තර වාර්තා ඔස්සේ විමර්ශන කර පූනේහිදී සොයාගෙන තිබෙනවා.

රාකේෂ් සොයාගන්නා අවස්ථාවේ දී ඔහු සිහිසුන්ව සිට ඇති අතර, ඔහු සියදිවි නසාගැනීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහු වස පානය කර ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

මේ වනවිට සැකකාර සැමියා පූනේහි රෝහලක ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්ත්වය ස්ථාවර වූ පසු විමර්ශන කටයුතු සඳහා ඔහුව නැවත බැංගලෝරයට රැගෙන ඒමට පොලිස් කණ්ඩායමක් දැනටමත් පූනේ වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධය සිදුකළ සැකකාර සැමියා තාක්ෂණික වෘත්තිකයෙකුවන අතර ඔහු නිවසේ සිට රැකියාවේ කටයුතුවල නිරතව තිබෙනවා.

ඝාතනයට ලක්ව වූ බිරිඳ ජනමාධ්‍ය උපාධිය සම්පූර්ණ කර නිවසේ රැඳී සිට ඇති බවයි හෙළිව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48