සියළු දෙනා එක්ව මුහුණ දුන්නොත් අමාරු කාලය බොහෝම කෙටියි

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

වර්තමාන අභියෝගයන්ට සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජයගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ කොළඹ දී ඊයේ (20) පැවති දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමින්.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමණාකාරිත්වයෙන් 82% ක් මෙම සංගමයේ සාමාජිකත්වය උසුලන අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිපාලනය සමඟ සෘජුවම කටයුතු කරන අංශ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්ගෙන් පමණක් මෙම සංගමය සමන්විත වනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“මෙරට වෙළෙඳ ශේෂයේ ඇති අභියෝග මෙන්ම ඉහළ තරගකාරී ආර්ථිකයක් පෝෂණය කිරීමේ වැදගත්කම අප අවබෝධ කර ගත යුතුයි. ඒ අනුව අප රජය ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ගතව කටයුතු කරනවා. ඒ සමඟම අපගේ ඉලක්කය වන්නේ ඉන් ඔබ්බට වන අවස්ථා ගවේෂණය කිරීම සහ යුරෝපීය සංගමය සමඟ වෙළඳ සබඳතා වැඩි දියුණු කර ගැනීමයි.
එම ඉලක්කය සපුරා ගැනීමේ දී මුහුණ දෙන තරගකාරිත්වය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට පූර්ණ ඩිජිටල්කරණයට කැපවී සිටිනවා. ඒ අනුව ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනය සහ කෘතිම බුද්ධිය (AI) පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය එක්ව කටයුතු කරමින් සිටිනවා. නිශ්චිත කාල රාමුවක් තුළ මෙරට සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීම සඳහා පුළුල් සැලැස්මක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණයි.
හරිත ආර්ථිකයක් බවට පත්වීමේ උත්සාහයන් සමඟ ශ්‍රී ලංකාව ගෝලීය තිරසාර ඉලක්ක සපුරා ගැනීම සඳහා පරිසර හිතකාමී පරිචයන් සහතික කරමින් ශුද්ධ ශුන්‍ය ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. මෙම ඉලක්ක සපුරා ගැනීම සඳහා අප කෙටි කාලයක් තුළ අවම උත්සායකින් සාක්ෂාත් කර ගැනීමට පහසු ක්ෂේත්‍රයන් හඳුනා ගෙන වැඩි දියුණු කර ගත යුතුයි. ඒ අනුව සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ තොරතුරු තාක්‍ෂණය වැනි ක්ෂේත්‍ර හඳුනා ගෙන තිබෙනවා.ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා තාක්ෂණය උපයෝගී කරගනිමින් කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. වී වගාව වැඩිදියුණු කිරීම, භාවිතයට නොගත් ඉඩම් නිදහස් කිරීම සහ කුඩා පරිමාණ කෘෂිකර්මාන්තය නගා සිටුවීම කෙරෙහි අපගේ වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. පුනර්ජනනීය බලශක්තිය සඳහා ශ්‍රී ලංකාවේ ඇති හැකියාව තවමත් සම්පූර්ණයෙන් තක්සේරු කර නැහැ.
ඉන්දියාව ඇතුළු තවත් රටවල් සඳහා අපගේ අතිරික්ත බලශක්තිය අපනයනය කළ හැකි බවට හඳුනා ගෙන ඇති සුළං සහ සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා සැලකිය යුතු ආයෝජනයක් කිරීමට ද අප අපේක්ෂා කරනවා. තොරතුරු තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම මෙම උපාය මාර්ගයේ ප්‍රධානතම සාධක වෙනවා. පෞද්ගලික අංශය සමඟ එක්ව තවත් පුහුණු ආයතන ආරම්භ කිරීමටත්, කෘතිම බුද්ධිය පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහාත් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. මෙසේ නගා සිටුවන තාක්ෂණයන් සහ කර්මාන්ත ප්‍රාග්ධනය ලෙස තබා ගෙන කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමට ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.මෙහිදී මූල්‍ය විනය සහතික කිරීම වෙනුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ අනෙකුත් ආදායම් දෙපාර්තමේන්තුවලට ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙනවා. අභියාචනා ප්‍රමාද වීම් සහ ආදායම් එකතු කිරීම කඩිනම් කරගත හැකි යාන්ත්‍රණයක් අපට අවශ්‍ය වෙනවා.වර්තමාන අභියෝගයන්ට අප සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර පහක් හයක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජයගැනීමටත් අපට අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බව විශ්වාසයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18