අධිකරණයට රැගෙන ගිය සැකකරුවෙක්ට පැනයාමට සැලසුම් සකස් කළ කාන්තාවක් රිමාන්ඩ්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවකුට පැනයාමට සැලසුම් සකස් කළ බව කියන එම සැකකරුගේ බිරිය හා සැකකරු රැගෙන යාමට අධිකරණය ඉදිරිපිටට පැමිණි මෝටර් රථයේ රියදුරු ජුනි මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (03) නියෝග කළා.

සැකකරුගේ බිරිය වන තක්ෂිලා තුෂාණි හා මෝටර් රථයේ රියදුරු වන මොහොමඩ් රිෆාන් මොහොමඩ් රියාද් නැමැති සැකකරුවන් දෙදෙනෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන තක්ෂිලා තුෂානි නමැත්තියගේ සැමියා වන දිල්ශාන් නිමේෂ් නමැත්තා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ රිමාණ්ඩ් බන්ධනාගාරයේ රඳවා සිට ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දැන්වූවා.

බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරු ඉකුත් 15 දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන පැමිණි අවස්ථාවේදී ඔහුගේ බිරිය වන තක්ෂිලා නැමැත්තියගේ සැලසුමකට අනුව අධිකරණය ඉදිරිපිටදීම ඔහුව මෝටර් රථයක දමාගෙන රැගෙන යාමට කටයුතු කර ඇති බවද පොලිසිය පැවසුවා.

මෙම සිද්ධියේ දෙවන සැකකරු වන මෝටර් රථයේ රියදුරු විසින් සැකකරුව රැගෙන යන අතරතුරදී බන්ධනාගාර නිලධාරීන් විසින් පලා ගිය පුද්ගලයා මෙන්ම ඔහුගේ බිරිය හා රියදුරුද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැන්වුවා.

බන්ධනාගාර නිළධාරින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය දැනුවත් කර ඇති බවත් ඒ අනුව පොලිසිය බන්ධනාගාරගත කර සිටි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහුගේ බිරිය විසින් ඔහුට පලායාමේ සැලසුම සකස් කර ඇති බව ඔහු ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

කොළඹ රිමාන්ඩ බන්ධනාගාරයේ රඳවා සිටිි සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබාදී තිබියදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඉකුත් 15 දින ඔහුව එම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන ඒම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කෙසෙල්වත්ව පොලිසියට නියෝග කළා.

කෙසෙල්වත්ත පොලිසියේ 74907 අබේසිංහ හා 99090 මධුශාන් යන කොස්තාපල්වරුන් දෙදෙනා සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.

  1. එතකොට බන්දනාගාර නිලධාරීන් මොකක්ද කලේ.. ඒ ගොල්ලෝ නෙවෙයිද අරන් යන්නේ..?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:55
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:19
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුර ඇඟ හිරිවැටෙන දර්ශන
05:04
Video thumbnail
ජනපති අනුර මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකී
01:34
Video thumbnail
ක්‍රීඩා ඇමතිට තදවෙයි - මගේ ප්‍රශ්නයක් නෙමෙයි, පොලිසියත් එක්ක බේරගන්න
04:05
Video thumbnail
කවුරු කොහොම කෑගැහුවත් 22 කාටවත් නවත්වන්න බෑ
04:54
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ අලුත්ගම දුම්රිය හරස් මාර්ගයට ඉක්මන් විසදුමක්
06:54
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57