රුසියාව සහ තාලිබාන් පාලනය අතර ඇති වූ නව යුද ගිවිසුම පාකිස්තානයට තර්ජනයක්ද?

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජය සහ රුසියාව අතර මොස්කව් නුවරදී අත්සන් තබන ලද නව යුද-තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (Military-Technical Agreement), කලාපීය බලතුලනයට සහ විශේෂයෙන්ම අසල්වැසි පාකිස්තානයේ ආරක්ෂාවට එල්ල කරන බලපෑම පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයන්ගේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

මෙම නව ගිවිසුම මඟින් ඇෆ්ගනිස්ථානය සතු පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ හා රුසියානු නිෂ්පාදිත Mi-17 හෙලිකොප්ටර් යානා, ටැංකි සහ අනෙකුත් බර ආයුධ අලුත්වැඩියා කර දීමටත්, අනාගතයේදී නවීන ගුවන් ආරක්ෂණ පද්ධති (Air Defence Systems) ලබා දීමටත් මූලික අඩිතාලම වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ තලේබාන් ආරක්ෂක අමාත්‍ය මුල්ලා යාකූබ් (Mullah Yaqoob) ප්‍රකාශ කළේ, මින් ඉදිරියට ඇෆ්ගන් දේශසීමා ආක්‍රමණය කිරීමට හෝ ප්‍රහාර එල්ල කිරීමට පාකිස්තානයට පහසුවෙන් ඉඩ නොදෙන බවයි.

මෑත කාලයේදී පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර දේශසීමා ආතතීන් සහ ගුවන් ප්‍රහාරඉහළ ගොස් ඇති පසුබිමක, තලේබාන් සංවිධානය මෙලෙස රුසියාවේ සහය ලබා ගැනීම පාකිස්තානයට සෘජු රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක අභියෝගයක් වනු ඇති බව විශ්ලේෂකයන් පවසනවා.
විශේෂයෙන්ම තලේබාන්වරුන් ගුවන් ආරක්ෂණ පද්ධති අත්පත් කරගතහොත්, දේශසීමා ආරක්ෂාව සඳහා පාකිස්තානය සතු ගුවන් බලය භාවිතා කිරීමේ හැකියාව සීමා වීමේ අවදානමක් පවතිනවා.

කෙසේ වෙතත්, රුසියාව සහ තලේබාන් සංවිධානය අවධාරණය කරන්නේ මෙය හුදෙක් තාක්ෂණික සහයෝගීතාවක් මිස වෙනත් රටකට එරෙහිව පිහිටුවූ ආරක්ෂක සන්ධානයක් නොවන බවයි.

කලාපය තුළ ක්‍රියාත්මක වන ISKP (Islamic State Khorasan Province) ත්‍රස්ත කණ්ඩායම් මර්දනය කිරීම සහ ස්ථාවරත්වයක් ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ඔවුන් පවසනවා.

රුසියාව විසින් තාලිබාන් රජය නිල වශයෙන් පිළිගත් පළමු රට බවට පත්වීමෙන් පසු ඇති කරගත් මෙම යුදමය එකඟතාව, ඉදිරි කාලයේදී පාකිස්ථාන-ඇෆ්ගන් සබඳතා මෙන්ම සමස්ත කලාපීය දේශපාලනය කුමන දිශාවකට රැගෙන යනු ඇත්ද යන්න පිළිබඳව ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23