වෙනිසියුලානු වැඩබලන ජනාධිපති නිල සංචාරයක් සඳහා ඉන්දියාවට

වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodriguez) පස් දින නිල සංචාරයක් සඳහා අද (03) ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

ජුනි මස 3 වනදා සිට 7 වනදා දක්වා පැවැත්වෙන මෙම සංචාරයේදී ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ.

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වැසී යාම නිසා, ඉන්දියාවට අවශ්‍ය බොරතෙල් සැපයුමට එල්ල වී ඇති බාධා මඟහරවා ගැනීමට වෙනිසියුලාවෙන් බොරතෙල් ආනයනය ඉහළ නැංවීමට නවදිල්ලිය පියවර ගනිමින් සිටින පසුබිමක මෙම සංචාරය සිදුවීම සුවිශේෂී කරුණක්.

පසුගිය මැයි මාසයේදී ඉන්දියාව වෙනිසියුලාවෙන් දිනකට බොරතෙල් බැරල් 427,000ක් මිලදී ගනිමින් එහි දෙවන විශාලතම ගැනුම්කරු බවට පත්ව තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රන්දිර් ජයිස්වාල් මහතා සඳහන් කළේ, මෙම සංචාරයේදී දෙරට අතර බලශක්ති සුරක්ෂිතතාව, වෙළඳාම, ආයෝජන, ඖෂධ නිෂ්පාදනය, සෞඛ්‍ය සේවා සහ පුනර්ජනනීය බලශක්තිය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40