සියලුම විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල හදිසියේම සේවයෙන් ඉවත්වෙයි

වැටුප් වැඩිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙරට සියලුම විශ්ව විද්‍යාලවල අනධ්‍යන කාර්ය මණ්ඩල අද (12) දහවල් සිට හදිසියේම සේවයෙන් බැහැරවීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටිනවා.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේලා දැවැන්ත කාර්යභාරයක් සිදුකරන විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වැටුප් වර්ධක ලබා දෙන බවට පොරොන්දු දුන්නද වැටුප් වර්ධක ලබාදීම දිනෙන් දින කල් මැරීම පිළිබඳව විරෝධය පා මෙම හදිසි වෘත්තිය ක්‍රියාමාර්ගයට එළැඹි බව අන්තර් විශ්ව විද්‍යාල වෘත්තිය සමිති මහා සම්මේලනය පවසනවා.

2016 වසරේ රාජ්‍ය සේවය කරන ලද වැටුප් සංශෝධනයේදී විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයට අහිමිවූ සියයට පහළොවක වැටුප් ප්‍රතිශතය ලබා ගැනීම, විශ්ව විද්‍යාල අධ්‍යයන, අනධ්‍යයන සියලු පුරප්පාඩු පිරවීම, විශ්ව විද්‍යාල සේවක අර්ථසාධක හා විශ්‍රාම වැටුප් අරමුදල ආරක්ෂා කිරීම තම ඉල්ලීම් අතර වන බව අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සභාපති පී.කේ. රුවන් කුමාර සඳහන් කළා.

මෙම ඉල්ලීම් මුල් කරගනිමින් විවිධ වෘත්තිය ක්‍රියාමාර්ග දිගින් දිගටම ගත්තත් මේ දක්වාම රජය යහපත් ප්‍රතිචාර නොදක්වා ඇති බවත් වැටුප් අහිමවීමේ අදාළ කමිටු වාර්තාව පදනම් කරගනිමින් කැබිනට් මණ්ඩල සංදේශ පවා ඉදිරිපත් කර ඇති බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාල වෘත්තීය සමිති බල මණ්ඩලයේ ලේකම්වරයා කියා සිටියා.

මෙම සංකේත වර්ජනය සඳහා මෙරට විශ්ව විද්‍යාල 17 ක 13,000 කට අධික කාර්ය මණ්ඩලය එක්ව ඇති අතර මේ හේතුවෙන් විශ්ව විද්‍යාලවල සියලුම දෛනික කටයුතු අඩාළ වී ඇති බවත් හෙට දිනයේද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගන්නා බවත් සඳහන් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාල වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ප්‍රියන්ත වීරසුරිය පවසා සිටියේ මේ සඳහා රජයේ අවධානය යොමු නොවුණහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

vlcsnap 2024 03 12 15h49m00s042
vlcsnap 2024 03 12 15h48m49s129
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?