සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය

ජුලි මාසය වන විට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය ලබා දීමට අදාළව මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

ඉන්දීය රජයේ ආධාර මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවති නම් තමා වෙත දන්වන ලෙසටයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එසේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා වස විසෙන් තොර දේශීය භෝග වගා කිරීම හා පරි‍භෝජනයට කාන්තා ප්‍රජාව වැඩි වශයෙන් උනන්දු කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදු කරන ලෙස අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ජාතික සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති පොළොන්නරුවේ ධම්මානන්දා මෑණියන් වහන්සේ ප්‍රමුඛ සිල්මාතාවරුන්ගෙන් එහිදී ඉල්ලීමක් ද කර තිබෙනවා.

එළැඹෙන වෙසක් සතිය තුළ සිදු කිරීමට නියමිත වැඩසටහන් අතුරින් හැකි පමණින් සරලව හා චාම් ලෙස වැඩසටහන් ද සිදු කරන ලෙසටයි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?