සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය

ජුලි මාසය වන විට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය ලබා දීමට අදාළව මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

ඉන්දීය රජයේ ආධාර මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවති නම් තමා වෙත දන්වන ලෙසටයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති සමස්ත ලංකා සිල් මාතා ජාතික මණ්ඩල රැස්වීමේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එසේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා වස විසෙන් තොර දේශීය භෝග වගා කිරීම හා පරි‍භෝජනයට කාන්තා ප්‍රජාව වැඩි වශයෙන් උනන්දු කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදු කරන ලෙස අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ජාතික සිල්මාතා සංගමයේ ප්‍රධාන සභාපති පොළොන්නරුවේ ධම්මානන්දා මෑණියන් වහන්සේ ප්‍රමුඛ සිල්මාතාවරුන්ගෙන් එහිදී ඉල්ලීමක් ද කර තිබෙනවා.

එළැඹෙන වෙසක් සතිය තුළ සිදු කිරීමට නියමිත වැඩසටහන් අතුරින් හැකි පමණින් සරලව හා චාම් ලෙස වැඩසටහන් ද සිදු කරන ලෙසටයි අමාත්‍යවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15
Video thumbnail
සාගරට එරෙහිව ස්වාමීන් වහන්සේලාගෙන් පැමිණිල්ලක් - මහ ජනතාව කුපිත කිරීමේ වැඩක් මේ
04:51
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47