පොහොට්ටුවේ රැළියේ කොඩි, සැරසිලි තඹුත්තේගම පොලිසියෙන් ගලවයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් අද (17) තඹුත්තේගම ප්‍රදේශයේ දී පැවැත්වෙනවා.

ඒ වෙනුවෙන් ඊයේ (16) රාත්‍රියේ තඹුත්තේගම නගරය කොඩිවලින් සැරසීමට පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත් ඊට තඹුත්තේගම පොලිසියෙන් බාධා එල්ල වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී සිටවා තිබූ කොඩි සහ අනෙකුත් සැරසිලි ගලවා ඉවත් කිරීමට තඹුත්තේගම පොලිසිය කටයුතු කළ බවයි දසත නිවුස් තඹුත්තේගම ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථවේ දී පොලිසිය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.