Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රුවන්වැලි මහා සෑය අභියස සත්‍යග්‍රහ භූමිය යළිත් නොසන්සුන්

රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්‍යග්‍රහ භූමියේ යළිත් නොසන්සුන් තාවයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

සත්‍යග්‍රහයටස් සහාය පළකරමින් එම ස්ථානයේ රැඳී සිටින පිරිස සහ ඊට විරෝධතාවය දක්වන පිරිසක් අතර මෙම නොසන්සුන් තාවය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දෙපාර්ශවය අත්රාග් ගුටි බැට හුවමාරුවක් ද සිදුව ඇති අතර, තත්ත්වය පාලනයට පොලිසිය ද මැදිහත් වීමටයි සිදුව ඇත්තේ.

මේ අතර බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා තුන්නමක් මාරාන්තික සත්‍යග්‍රහයේ නිරතව සිටි අට්ටාලය ද හානිකර ඇති බවයි වාර්තා වුණේ.