අධික වර්ෂාව හේතුවෙන් අංගම්මන පාලම කඩා වැටේ

අධික වර්ෂාව සමඟ ගලා ආ ජල පහරකට හසුව ගම්පොළ අංගම්මන මාර්ගයේ පාලම සම්පූර්ණයෙන්ම අංගම්මන ඔයට කඩා වැටී තිබෙනවා.

ග්‍රාම සේවා කොට්ඨාස දෙකකට අයත් පවුල් අටසීයකට අධික පිරිසක් භාවිතා කළ මෙම පාලම අලුතින් සකස් කර වසර තුනක් පමණ වන බවද ප්‍රදේශවාසීහු ප්‍රකාශ කරනවා.

අංගම්මන ඔයේ ගලා ආ අධික ජල පහර සමඟ පාලමේ පැතිබැමි කැඩි යාමෙන් මෙම පාලම ඔයට වැටී තිබෙන අතර ඒ සමග ඔයද අවහිර වී තිබෙනවා.

කොබ්බෑවල, අංගම්මන ,බිබී ජනපදය හා ඩාර්ටී ජනපදය යන ප්‍රදේශවලට මෙම මාර්ගය හරහා ගමන් කිරීමට හැකි බවද ජනතාව ප්‍රකාශ කරන අතර, හැකි ඉක්මනින්ම මෙම පාලම යළි සකස් කර දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.