රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්යග්රහ භූමියේ අද (12) පෙරවරුවේ නොසන්සුන්තාවක් ඇති වුණා.
රාජාංගනයේ සද්ධාරතන හිමි එම ස්ථානයට පැමිණීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වට හටගත්තා.
එහිදී රාජාංගනයේ සද්ධාරතන හිමි සමඟ පැමිණි පිරිසක් සහ සත්යග්රහ භූමියේ රැඳී සිටි සත්යග්රහයට පිරිසක් අතර නොසන්සුන්තාව හටගත් අතර, එම අවස්ථාවේ රාජාංගනයේ සද්ධාරතන හිමි සහ සත්යග්රහයට සහාය පලකරන භික්ෂූන් වහන්සේලා අතර ගුටි බැට හුවමාරුවක් ද සිදු වුණා.
