ජින්තුපිටිය වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි – ළමුන් දෙදෙනෙකුටත් වෙඩි වැදිලා (වීඩියෝ)

වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා.

මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 44ක කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මෙහිදී 04 හැවිරිදි පිරිමි දරුවෙක් සහ 03 හැවිරිදි ගැහැණු දරුවෙකුට ද වෙඩිවැදීමෙන් තුවාල සිදුව තිබෙනවා.

තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ජින්තුපිටිය 125 වත්ත ප්‍රදේශයේ දී මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 03ක් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05