රෝස මලක් තැලූ නොමිනිස්කම නිසා වතු යාය මැදින් ඇසුණු විලාපය

නාවලපිටිය, වෙස්වෝර්ල්ඩ් වතුයායේ, රිලාගල කොටසේදී ඊයේ (15) දින 07 හැවිරිදි පාසල් දැරියක් දුෂණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 35 හැවිරිදි තරුණයෙක් නාවලපිටිය පොලිසිය මගින් අද (16) දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාසල් දැරියගේ නිවසට ආසන්න ප්‍රදේශයක මෙම සැකකරුද පදිංචිව සිට ඇති බවත්, ඊයේ (15) දින පස්වරුවේ බීමත්ව සිටි සැකකරු පාසල් දැරියව නිවසින් මිටර් 500ක් පමණ එපිටට රැගෙන ගොස් දුෂණය කර එම පාසල් දැරියව එම ස්ථානයේම දමා ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

නිවසේ සිටි දැරිය නොමැති බව දැනුවත් වූ පසු ඥාතින් සහ එම වතුයායේ පදිංචි වතු කම්කරුවන් එක්ව දැරිය සෙවීමේදි අතුරුදහන්ව සිටි දැරිය සොයා ගැනිමට හැකිව තිබෙනවා.

මෙලෙස එම දැරිය ඥාතීන්ට හමුවී ඇත්තේ දැරිය අතුරුදන් වී පැය 04කට පමණ පසුව බවත් පැවසෙනවා.

එම දැරිය විසින් සැකකරුගේ නම ප්‍රකාශ කිමෙන් පසු ඥාතීන් විසින් ඒ පිලිබදව නාවලපිටිය පොලිසියට පැමිණිලි කර පාසල් දැරිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු එම පාසල් දැරිය වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය
ළමා රෝහල වෙත යොමු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

නාවලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ෂණ සිදු කරනු ලබනවා.

  1. මේ වාගේ දුක් ප්‍රවෘත්ති වලටත් 😃 හින⁣හ මූණ දාන නරුමයෙක් ඉන්නවා නේ පුදුම සමජයක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33