සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හෙට දිනයේ ගෙවා අවසන් කරනවා

නියමිත පරිදි සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හෙට දිනයේ ගෙවීම සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මීට පෙර තීරණය කර තිබුණේ විධායක ශ්‍රේණිවල වැටුප් එක් දිනකදිත් විධායක නොවන ශ්‍රේණිවල වැටුප් තවත් දිනකදීත් වශයෙන් දින දෙකක් තුළ ගෙවීමටයි.

නමුත් නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප හෙට (ජනවාරි 25) දිනයේ ලබාදීමට පියවර ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?