කළුතර මහ නගර සභා අපේක්ෂකයෙකු ඉලක්කකර සිදුකළ වෙඩිතැබීමක් ව්‍යර්ථ වෙයි

කළුතර, නාගොඩ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කිරීමට ගිය වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී තිබෙනවා.

වෙඩික්කරුවන්ගේ ගිනි අවිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම වෙඩි තැබීම ව්‍යාර්ථ වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පළාත් පාලන මැතිවරණයේ දී කළුතර මහ නගර සභාවට සමගි ජන බලවේග අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ බන්දුල ප්‍රසන්න නැමැත්තා ඉලක්ක කර ගනිමින් ඊයේ (07) රාත්‍රියේ වෙඩි තැබීමට උත්සාහ ගෙන ඇති බවයි වාර්තා වුණේ.

කළුතර, නාගොඩ හන්දිය ප්‍රදේශයේ ඔහු පවතවාගෙන යන හෝටලය පිටුපසින් පැමිණි වෙඩික්කරුවෙකු විසින් මෙලෙස වෙඩි තැබීමට තැත් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

බන්දුල ප්‍රසන්න නැමැත්තා ඉලක්ක කරගෙන මීට මාස 09 කට පෙර ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති ඇති අතර, එම වෙඩි ප්‍රහාරය ද ව්‍යර්ථ වී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

මේ හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිසිය විසින් ඔහුගේ හෝටලය ඉදිරි පිට පොලිස් ආරක්ෂක මුරපොළක්ද පවත්වාගෙන යන බවයි වාර්තා වුණේ.

ඊයේ (07) රාත්‍රියේ වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන ස්ථානය කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් පරික්ෂාවට ලක්කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය විමර්ශන සිදුකරනු ලබනවා.

  1. ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාර්තණා කරන ගමන් දෙපාරක්ම ව්‍යර්තවුනා කියන එක ගැනත් අපි කල්පනා කරන්න ඕනේ.. ඒ කියන්නේ මේක රඟපෑමක් වාගේදෝ කියලා. වෙඩික්කරුවෝ පලවෙනි පාරේ සොයා ගත්තාද, දෙවෙනිපාර අහුවුනාද කියන ප්‍රශ්නද මතුවෙනවා .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31