අද දිනයේ සිට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩුවක්

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික අඩු වීමක් අද (08) දිනයේ සිට 11 වනදා දක්වා බලාපොරොත්තුවන බව කාලගුණ අංශ දැනුම් දෙනවා.

ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අද (08) දිනයේ ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) ප.ව 2.00 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00