ජංගම දුරකථනයක් නිසා ගෙදරක් ගිනිගනී

සීගිරිය, ගලකොටුව ප්‍රදේශයේ ඊයේ (07) රාත්‍රීයේ නිවසක ඇති වූ ගින්නකින් එම නිවෙසේ කාමරයක් මුළුමනින්ම ගින්නෙන් විනාශ වී තිබෙනවා.

මෙම ගින්න සම්බන්ධයෙන් මූලික විමර්ශනයන් සිදුකළ සීගිරිය පොලිසිය පවසන්නේ නිවෙස් හිමියන් පවසන ආකාරයට එම කාමරයේ ජංගම දුරකථනයක් ආරෝපණයට සම්බන්ධ කර තිබියදී ඒ ඔස්සේ ඇති වූ විදුලි කාන්දුවකින් මෙම ගින්න හටගෙන ති බවටයි.

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියක් භාවිත කළ කාමරයක් මෙලෙස ගින්නට හසුව ඇති අතර ගින්නට හසු වූ මොහොතේ මෙම සිසුවිය කාමරයේ රැඳී සිට නැහැ.

කෙසේ වුවද එම සිසුවියගේ සිසුවියගේ ලැප්ටොප් පරිගණකය යන්ත්‍රය, ඇඳුම් පැළදුම් සහ සියලුම අධ්‍යාපන සඳහා අවශ්‍ය පොත් පත් ගින්නෙන් විනාශ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්