සියලුම පාසල් සිසුන්ට සුබම සුබ ආරංචියක්

කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් අඩාල වී ඇති පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් දරුවන්ට සමීප කිරීමේ රජයේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්ථාපනය කරන ලද National Streaming Hub හෙවත් ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයේ කටයුතු අද ඊයේ ආරම්භ වුණා.  

නවීන තාක්ෂණික පහසුකම් සමගින් සහ අධීවේගී අන්තර්ජාල සබඳතා වලින් සන්නද්ධව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපනය කර ඇති මෙම මධ්‍යස්ථානය මගින් ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිෂ්පාදනය කරන සියලුම විෂයානුබද්ධ වැඩසටහන් නියමිත කාලසටහනකට අනුව විෂය නිර්දේශයන් ආවරණය වන පරිදි වඩාත් ගුණාත්මකව රූපවාහිනී නාලිකා සහ වෙබ් නාලිකා ව‍ෙත සම්ප්‍ර්ෂණය කිරීම සිදු කෙරෙනවා.

එමෙන්ම එම වැඩසටහන් වල ගුණාත්මක භාවය, සහ පෙළ ගැස්ම විෂය අධ්‍යක්ෂකවරුන්ගේ නිරන්තර අධීක්ෂණය මෙම මධ්‍යස්ථානය තුළ සිදුවන අතර  තාක්ෂණික දෝෂ ආදියද මෙහිදී නිරාකරණය කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ සංකල්පයකට අනුව නිර්මාණය වූ මෙම මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව තුල මාර්ගගත (online) අධ්‍යාපනය ප්‍රචලිත කිරීම වෙනුවෙන් ගන්නා ලද දැවැන්ත පියවරක් වනවා.

වසංගත තත්වය අවසන් වුවද අඛණ්ඩව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් ලෙස මෙය නිර්මාණය කර තිබෙනවා.

මෙමගින් අන්තර්ජාල පහසුකම් ‍නොමැති දරුවන්ට ද රූපවාහිනිය මගින් අධ්‍යාපන කටයුතු නිවසේ සිටම හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී වඩාත් පුලුල් කිරීම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි චිත්‍රාගාර පහසුකම් සැපයීමටත් ඒ සඳහා විශාල සම්පත් දායකයින් පිරිසක් සහභාගී කරගැනීමටත් නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
69
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09