සියල්ලන් බියට පත්කරමින් අධිබලැති ක්ලේමෝ බෝම්බයක් හමුවෙයි

එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින්ම නිෂ්පාදනය කොට භාවිත කරන ලද බවට සැකකෙරෙන කිලෝ ග‍්‍රෑම් 20 ක් පමණ බර අධිබලැති ක්ලේමෝ බෝම්බයක් යාපනය, කයිට්ස් වේලනයි, අම්බිකා නගර් ප‍්‍රදේශයේ තිබී 21 දා ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.

මෙම ක්ලේමෝ බෝම්බයේ මඩ හෝ වෙනත් ද්‍රව්‍ය ගෑවී නොමැති නිසා කවරෙකු විසින් හෝ මෙම ස්ථානයට එම ක්ලේමෝ බෝම්බය ගෙනැවිත් දමන්නට ඇති බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.

ක්ලේමෝ බෝම්බය විනාශ කිරීම සදහා එය යාපනය පලාලි හමුදා කඳවුර වෙත රැගෙන ගොස් තිබේ. යාපනය කයිට්ස් පොලිසිය විසින් සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

  1. ඉස්සරනම් ඔය වගේ බෝම්බයක් හම්බවුනාම ලගම තියන හිස් ප්‍රදේශයක ආරක්ශිතව පුපුරවා හරිනවා නැතුව කරේ තියාගෙන එහෙ මෙහෙ රවුම් ගැහුවෙ නෑ අවධානම් නිසා. ඒ මදිවට කයිට්ස් ඉදලා පලාලි කෑම්ප් එක අස්සටම උස්සන් ගිහින්.