AFC Banner
AFC Banner
Empty Ad

සියදිවි නසාගත් අන්තවාදී දේශකයාගේ මළ ගෙදර ගිහින් ආ එක්දරු පියාත් දිවි නසාගන්න හදලා (වීඩියෝ)

සියදිවි හානිකරගත් බව කියන ආගමික අන්තවාදී දේශන පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ දේශනවලට සහභාගී වූ පුද්ගලයෙක් වස පානය කර බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකර ඇති බව සිරිපුර පොලිසිය පවසනවා.

මෙලෙස වස පානයකර ඇත්තේ දිඹුලාගල, සිරිපුර, පළුදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටින 26 හැවිරිදි එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු දැනට දෙහිඅත්තකන්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

මොහු , සියදිවි හානිකරගත් බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගී වී පැමිණ පසුගිය 03 වනදා මෙලෙස වස පානය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සහ නුවරගල ප්‍රදේශයේ තවත් පුදගලයින් පස්දෙනෙක්, රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ මෙම පිරිස අතර සිටින කාන්තාවක් ප්‍රදේශයේ ආගමික අන්තවාදය පතුරුවමින් දේශන කිහිපයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද සිරිපුර පොලිසිය සඳහන් කළා.

මේ අතර සියදිවි නසාගත් බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලී පදමන මත රැඳී සිටි ඇති බව ද පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා පසුගිය දෙසැම්බර් 28 හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේ දී උග්‍ර විෂ වර්ගයක් භාවිත කර සියදිවි හානි කරගෙන තිබූ අතර, ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ද එලෙසම සියදිවි හානි කරගෙන තිබුණා.

ආගමික අන්තවාදී දේශන පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ දේශනවලට සහභාගී වූ කිහිප දෙනෙක් පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක සිටින බවට මේවන විට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
15
+1
1
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?