සියදිවි නසාගත් අන්තවාදී දේශකයාගේ මළ ගෙදර ගිහින් ආ එක්දරු පියාත් දිවි නසාගන්න හදලා (වීඩියෝ)

සියදිවි හානිකරගත් බව කියන ආගමික අන්තවාදී දේශන පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ දේශනවලට සහභාගී වූ පුද්ගලයෙක් වස පානය කර බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකර ඇති බව සිරිපුර පොලිසිය පවසනවා.

මෙලෙස වස පානයකර ඇත්තේ දිඹුලාගල, සිරිපුර, පළුදෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටින 26 හැවිරිදි එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු දැනට දෙහිඅත්තකන්ඩිය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කළා.

මොහු , සියදිවි හානිකරගත් බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගී වී පැමිණ පසුගිය 03 වනදා මෙලෙස වස පානය කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සහ නුවරගල ප්‍රදේශයේ තවත් පුදගලයින් පස්දෙනෙක්, රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙලෙස අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ මෙම පිරිස අතර සිටින කාන්තාවක් ප්‍රදේශයේ ආගමික අන්තවාදය පතුරුවමින් දේශන කිහිපයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද සිරිපුර පොලිසිය සඳහන් කළා.

මේ අතර සියදිවි නසාගත් බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලී පදමන මත රැඳී සිටි ඇති බව ද පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා පසුගිය දෙසැම්බර් 28 හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේ දී උග්‍ර විෂ වර්ගයක් භාවිත කර සියදිවි හානි කරගෙන තිබූ අතර, ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා ද එලෙසම සියදිවි හානි කරගෙන තිබුණා.

ආගමික අන්තවාදී දේශන පැවැත් වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ දේශනවලට සහභාගී වූ කිහිප දෙනෙක් පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයක සිටින බවට මේවන විට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14