සිමෙන්ති ගැන විශේෂ තීරණයක් ගනී

ලකුණු කළ මිලට වඩා වැඩි මිලට සිමෙන්ති අලෙවි කරන ව්‍යාපාරිකයන් සොයා දිවයින පුරා වැටලීම් සිදු කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා. මේවන විට වෙළඳපල වැටලීම් හා විමර්ශන ආරම්භ කර ඇති බවයි එම අධිකාරිය නිවේදනය කළේ.

ඒ අනුව පසුගිය දින කිහිපය තුල කොළඹ, කලුතර, ගම්පහ, මහනුවර, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මොණරාගල, අනුරාධපුර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල සිමෙන්ති වැඩි මිලට අලෙවි කළ ව්‍යාපාරික ආයතන 56ක වැටලීම් සිදුකර තිබෙනවා.

ඊට අමතරව සිමෙන්ති අලෙවි කිරීම ප්‍රතික්ෂේප කිරීම, තම සන්තකයෙහි තබාගෙන නොමැති බවට ප්‍රකාශ කිරීම, කොන්දේසි සහිතව අලෙවිය හා තොග සඟවා තබා ගැනීම නොකළ යුතු බවට ද පාරිභෝගික අධිකාරී පනතෙහි සටහන්ව තිබෙනවා.

තම සන්තකයෙහි නොමැති බව ප්‍රකාශ කිරීම සහ තොග සඟවා තබා ගැනීම යන වැරදි කරනු ලබන වෙළඳුන් සතු සිමෙන්ති තොග තහනමට ගැනීමටත් එම තොග අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත රාජසන්තක කිරීමටත් පාරිභෝගික අධිකාරියට බලතල පවතිනවා.

ඒ අනුව නීතිය උල්ලංඝනය කරනු ලබන අලෙවිකරුවන්ට එරෙහිව 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත ප්‍රකාරව කටයුතු කරන බවයි දැනුම්දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40