ශ්‍රී ලංකා ප්‍රබලයින් දෙදෙනෙක් අද තරගයට නැහැ – ක්‍රිකට් ආයතනයත් ‘කහ’ වෙයි

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන අවසන් එක්දින තරගය අද (24) පෙරවරුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ වන විටත් තරග තුනට එකක් ලෙස තරගාවලිය ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේ දී කණ්ඩයමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග විවේක ගන්වා ඇති බව ද වාර්තා වනවා.

එමෙන්ම අද තරගයේ දී ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂට සහ වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුෂාන්ට කණ්ඩායමේ ඉඩක් වෙන්වනු ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

අද තරගයේදී ප්‍රමෝද් එක්දින වරම් දිනා ගතහොත් එක්දින වරම් හිමි වූ 205 වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසටයි ඔහු මෙරට ක්‍රිකට් ඉතිහාසයට එක්වන්නේ.

එමෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් අද තරගයෙන් ඉවත්කර ඇති අතර ඔහු වෙනුවට ජොෂ් ඉන්ග්ලිස් ක්‍රීඩා කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර අද තරගයට නැරඹීමට කෙත්තාරාම ක්‍රීඩාංගණයට පැමිණීමේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ස්තූතිය පළකිරීම වෙනුවෙන් කහ පැහැති වර්ණයෙන් සැරසී පැමිණෙන ලෙස සමාජ මාධ්‍ය තුළ පුළුල් ප්‍රචාරයක් පැතිර යනවා.

එමෙන්ම අවසන් එක්දින තරගය ක්‍රීඩා කරන අද දිනයේ තම ආයතනයේ සේවකයින්ට ද කහ පැහැති වර්ණයෙන් සැරසී ක්‍රීඩාංගනයට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
164
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?