සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළ දී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් 2025 අයවැය යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව රුපියල් 5,000/-ක වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් “කාලීන ආහාර පැකේජයක්” රුපියල් 2,500/-ක සහන මිලකට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කරනු ලැබ ඇති 812,753ක් වන අයදුම්කරුවන් අතුරින් යෝග්‍ය ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අපේක්ෂා කරනු ලබනු ඇති.
2025-04-01 දින සිට 2025-04-13 දින දක්වා කාලය තුළ රට පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් මගින් ආහාර පැකේජය ප්‍රතිලාභීන් වෙත ලබාදීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරුණා.