සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක්

ළමා අයිති වාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය පවසනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව සඳහන් කළා.

තවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 දෙසැම්බර් 30 වන දින “නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව” වෙත යෝජනා කර සිටියේ ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙසත්, එම අංකය ඇතුලත් හැඳුනුම්පත අවුරුදු 16 දී හෝ ඉන් පෙර ඔවුන්ට ලබා දීමට කටයුතු කරන ලෙසත්ය.

මෙලෙස දරුවන් සඳහා උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් ලබා දීම මගින් ලැබෙන ප්‍රතිලාභ වනුයේ,මව් රටේ පුරවැසි අයිතිය පිළිබඳ හැඟීමක් දරුවන් තුල ඇති වීම,ළමා අපචාර හා ළමා මෙහෙකාර සේවය නිසා දරුවන්ට සිදුවන බලපෑමෙන් ආරක්ෂා කරගත හැකි වීම,දරුවන් සඳහා රට පුරා ඒකාකාරී සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම,දරුවන්ගේ අධ්‍යාපන හා සමාජයීය අවශ්‍යතා සැපිරීමේදී හඳුනාගැනීමේ රහස්‍ය අංකයක් ලෙස භාවිතා කිරීම,සීමිත සම්පත් දරුවන් වෙත ලබා දීමේදී සමානාත්මතාවය තහවුරු කරන ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම.

ඉහත යෝජනාවලිය තුලින් දරුවන්ගේ අයිතිවාසිකම් සහ සමාජ ආරක්ෂණය තහවුරු කර දෙන ආකාරය පෙන්වා දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින ජනාධිපතිතුමන්ට ලිපියක් යොමු කරමින් එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු කරන ලෙස ඉල්ලීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ පාර ආණ්ඩුවෙන් අවුරුදු නැකත් සීට්ටු නැද්ද..?
11:43
Video thumbnail
"කළු බ්ලවුස් එකක් දැක්ක ගමන් උඹලා ඇඹලයෝ වෙනවා" වීරකැටිය ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්..
02:19
Video thumbnail
ඉන්ධන මිල සූත්‍රය නිසා කුපිත වුණ බස් සංගම්..කොමිසම් සභාවට අපි සතියයි කල් දෙන්නේ
03:47
Video thumbnail
තෙල් පෝලිම් නිසයි තෙල් මිල වැඩි කළේ
14:48
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15