සෑම් කොන්ස්ටාස්ට සම්මානයක්

2023-2025 ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගාවලියේ දී (WTC) ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස ට්‍රැවිස් හෙඩ් සමගින් සෑම් කොන්ස්ටාස් එක් කිරීමට සූදානමක් පවතින බවට වාර්තා වනවා.

espncricinfo මාධ්‍ය වාර්තා කර ඇත්තේ කොන්ස්ටාස් ශ්‍රී ලංකාවට එරෙහිව මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක් නොකර බංකුවේ රඳවා ඇති බැවින් ඔහුව අවසන් මහා තරගයට එක් කිරීම සුදුසු බවට ප්‍රධාන පුහුණුකරු මැක්ඩොනල්ඩ් යෝජනා කර ඇති බවයි.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය ලෝඩ්ස් හි දී ජුනි මස 11 වැනිදා ආරම්භ වනවා.

ඒ ප්‍රබල දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු වරට මෙවර ටෙස්ට් ලෝක කුසලානයක අවසන් මහා තරගයට තේරීපත් ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවට මෙම තරගය විශේෂ වන්නේ ඔවුන් එක්දින හෝ ටී20 හෝ ටෙස්ට් කිසිදු ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැති නිසාවෙන්.

කොන්ස්ටාස් ඉන්දියාවට එරෙහිව පසුගියදා මෙල්බර්න් හිදී නිමාවට පත් වූ ටෙස්ට් තරගාවලියේ දී දැක්වූ කුසලතා හේතුවෙන් ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් සම්මාන උලෙළේ දී වසරේ බ්‍රැඩ්මන් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ද හිමිකර ගත්තා.

ආරංචි මාර්ග වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයට ද සෑම් කොන්ස්ටාස් එක් නොවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29