සැලුන් එකෙන් ගාපු ද්‍රව්‍යයන් නිසා සාදයකට යන්න ආපු කාන්තාවගේ කොන්ඩේ ගැලවිලා

සාදයකට සහභාගීවීම සඳහා හිස කෙස් සකසා ගැනීමට ගිය කාන්තාවකට හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් සිය හිස කෙස් සියල්ල ගැල වී ගිය පුවතක් මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

හිස කෙස් ගැලවී යාමේ බරපතළ තත්ත්වයක් ඇති වීම හේතුවෙන් අදාළ කාන්තාව මේ වන විට ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මිනුවන්ගොඩ, බොරගොඩ වත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවක් මෙම සිදුවීමට මුහුණ දී ඇති බව සඳහන්.

මෙම කාන්තාව සාදයකට සහභාගී වීම සඳහා හිස කෙස් සකසා ගැනීමට මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් වෙත ගොස් තිබෙනවා.

එහි දී ඇයගේ කොණ්ඩය සැකසීම සඳහා හිස ගල්වන ද්‍රව්‍යයන් කිහිපයක්ම ගැල්වීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ආලේපන යෙදීම හේතුවෙන් කාන්තාවගේ හිසේ දැඩි දැවිල්ලක් දැනීමට පටන් ගෙන ඇති අතර, ඒ පිළිබඳව එහි සිටි සේවිකාවන්ට පවසා තිබෙනවා.

එහිදී රූපලාවන්‍යාගාර සේවිකාවන් විසින් අදාළ කාන්තාවගේ හිස සෝදා පිස දැමීමට කටයුතු කර ඇති අතර, පැවති අධික අපහසුතාවය නිසා එම කාන්තාව හිස පිරිමැදීමට පටන් ගෙන ඇති අතර එහිදී ඇයගේ හිසකෙස් සම්පූර්ණයෙන්ම ගැලවී අතට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම කාන්තාව පවසා ඇත්තේ කොණ්ඩය සැකසීම සඳහා රුපියල් පහළොස්දහසක මුදලක් ද රූපලාවන්‍යාගාරයෙන් ලබාගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
12
+1
2
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බදුල්ලේ පොඩ්ඩෝ හරි අපූරුවට නත්තල සමරපු හැටි
01:28
Video thumbnail
කලකාරුවන් රැසක් මැද අවසන් ගමන් ගිය ප්‍රවීණ රංගධර කලාශූරී එදිරිසිංහ
02:46
Video thumbnail
වෙනදට උදෙන්ම ලැබෙන කුණු මල්ල වෙනුවට ලැබුණු බඩු මල්ල
01:36
Video thumbnail
20ක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:54
Video thumbnail
පොලිසිය ළඟ ඉද්දීම චණ්ඩිකම් පෙන්නපු උපකාරක පංති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40


?