සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 126,000 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ දත්ත වාර්තා අනුව මෙම මස 24 වනදා වන විට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 126,379ක්.
ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 37,179ක්.
දෙවනුවට වැඩිම සංචාරකයින් පිරිසක් එක්සත් රාජධානියෙන් පැමිණ ඇති අතර ජර්මනිය, ඕස්ට්‍රේලියාව, චීනය, ප්‍රංශය හා ස්පාඤ්ඤය යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.
මේ අතර වසරේ ගතවූ කාලය තුළ මෙරට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,692,902ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
1
+1
+1
+1
+1





