ඔඩ්ඩිසුඩාන්, කරඩිපිලව් ප්‍රදේශයේ අතුරු මාර්ගයක පුද්ගලයෙක් පාපැදිය සමඟ වැටී සිටින බවට ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.
හිසෙහි ලේ ගලමින් සිටි තුවාලකරු, ඔඩ්ඩි සුඩාන් පොලිස් ස්ථානයේ නිලධාරි කණ්ඩායමක් විසින් මාචෝලේ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
මරණකරු අවුරුදු 40 ක් වූ පෙරියකුලම්, නැදුන්කේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් ස්වභාවික මරණයකින් සිදුවූවක්ද යන්න සම්බන්ධ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඔඩ්ඩි සුඩාන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1



