සා/පෙළ සිසුවෙකුට දරුණු ප්‍රහාරයක් – ගෙදරටත් ඇවිත් ගහලා ගිහිං

පාසල නිම වී නිවස බලා යමින් සිටි සිසුවෙකු ව තියුණු ආයුධයකින් කපා තුවාල සිදු කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම විමර්ශන කටයුතු කොස්වත්ත පොලිසිය විසින් ආරම්භ කරනු ලැබුවේ ඊයේ (30) පස්වරුවේ යි.

අදාළ සිද්ධිය වෙන්නප්පුව – කිරිමැටියාන ප්‍රදේශයේ දී සිදු ව තිබෙනවා.

මෙම ප්‍රහාරයට ලක් ව ඇත්තේ කිරිමැටියාන – ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ 11 වන වසර ඉගෙනුම ලබන ඒ.ටී.දෙනෙත් පැහැසැර නම් සිසුවෙක්.

තුවාල ලබා ඇති සිසුවා ප්‍රතිකාර සඳහා ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම සිසුවාට ඉකුත් ජුලි 09 වැනිදා සවස ද කිසියම් අයෙකු විසින් ඔහුගේ නිවසට පැමිණ පහර දී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

සිසුවාට පහර දීමට සහ තුවාල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?