සා/පෙළ සිසුවෙකුට දරුණු ප්‍රහාරයක් – ගෙදරටත් ඇවිත් ගහලා ගිහිං

පාසල නිම වී නිවස බලා යමින් සිටි සිසුවෙකු ව තියුණු ආයුධයකින් කපා තුවාල සිදු කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම විමර්ශන කටයුතු කොස්වත්ත පොලිසිය විසින් ආරම්භ කරනු ලැබුවේ ඊයේ (30) පස්වරුවේ යි.

අදාළ සිද්ධිය වෙන්නප්පුව – කිරිමැටියාන ප්‍රදේශයේ දී සිදු ව තිබෙනවා.

මෙම ප්‍රහාරයට ලක් ව ඇත්තේ කිරිමැටියාන – ශ්‍රී ධර්මාරාම විද්‍යාලයේ 11 වන වසර ඉගෙනුම ලබන ඒ.ටී.දෙනෙත් පැහැසැර නම් සිසුවෙක්.

තුවාල ලබා ඇති සිසුවා ප්‍රතිකාර සඳහා ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම සිසුවාට ඉකුත් ජුලි 09 වැනිදා සවස ද කිසියම් අයෙකු විසින් ඔහුගේ නිවසට පැමිණ පහර දී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

සිසුවාට පහර දීමට සහ තුවාල කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32