Empty Ad
AFC Banner
Empty Ad

සා/පෙළ ලියා ගෙදර යන සිසුවාට අමානුෂික ලෙස පහර දුන් වැලිගම චණ්ඩීන්

කිසියම් තරුණ පිරිසක් විසින් බාලවයස්කාර දරුවෙකුට අමානුෂික අයුරින් පහරදෙන දර්ශන ඇතුළත් වීඩියෝවක් මේ වනවිට (18) සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා.

මෙම පහරකෑමට ලක් ව ඇතැයි සැලකෙන්නේ මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී එය අවසන් කර ගමන් කරමින් සිටි සිසුවෙකු බවයි වාර්තා වන්නේ.

වැලිගම ප්‍රදේශයේ බාලක පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවාට කණ්ඩායමක් විසින් පැමිණ පහරදෙනු ලබනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දසත අප වැලිගම ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ සිදුවීම ගැන තමන්ට සැල වූ බවත්, නමුත් කිසිදු පැමිණිල්ලක් පොලිසියට නොලැබුණු බවයි.

නමුත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයාගෙන් විමසීමට සූදානම් බව ද වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?