සා.පෙළ ප්‍රතිඵල ලබන මස අවසානයේ දී

2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ අවසානයේ දී නිකුත් කිරීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළා.

විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි.

2021 සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් 407,129 ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 110,367ක් ඇතුළු සමස්ත අයැදුම්කරුවන් 517,496 ක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?