සා.පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ගේ දෛනික දීමනාව වැඩි කිරීමට කැබිනට් සංදේශයක්

ගුරු වෘත්තීය සංගම් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ට ලබාදෙන දෛනික දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මීට අමතරව ඔවුන්ට දින දෙකක රාජකාරී නිවාඩු ලබාදීමට ද මේ වනවිටත් පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ උපාධිධාරීන් 5,400 දෙනකු අලුතෙන් ගුරු සේවයට බඳවාගන්නා බවත් ඉන් 1,700ක් ම බඳවාගනු ලබන්නේ ජාතික පාසල්වලට බවයි.

නුදුරු දිනයකදීම ගුරු සේවා ව්‍යවස්ථාව අනුව විවෘත තරග විභාගයක් පැවැත්වීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම වතුකරයේ ගුරු හිඟය පියවීමට ගුරු සහායකයන් බඳවාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58