spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සා.පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ගේ දෛනික දීමනාව වැඩි කිරීමට කැබිනට් සංදේශයක්

ගුරු වෘත්තීය සංගම් විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර සමීක්ෂකවරුන්ට ලබාදෙන දෛනික දීමනාව වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මීට අමතරව ඔවුන්ට දින දෙකක රාජකාරී නිවාඩු ලබාදීමට ද මේ වනවිටත් පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ උපාධිධාරීන් 5,400 දෙනකු අලුතෙන් ගුරු සේවයට බඳවාගන්නා බවත් ඉන් 1,700ක් ම බඳවාගනු ලබන්නේ ජාතික පාසල්වලට බවයි.

නුදුරු දිනයකදීම ගුරු සේවා ව්‍යවස්ථාව අනුව විවෘත තරග විභාගයක් පැවැත්වීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම වතුකරයේ ගුරු හිඟය පියවීමට ගුරු සහායකයන් බඳවාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?