Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපතිට එරෙහිව මිනී මැරුම් චෝදනා යටතේ නඩු

හෝමගම මූලස්ථාන පොලිස් අත් අඩංගුවේ සිටියදී පහර දී තරුණයෙකු මිය යාම සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි උප පොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ නමැත්තා ලබන 26 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය අද (12) දින නියෝග කළා.

සැකකරුට එරෙහිව මිනී මැරුම් චෝදනාව යටතේ නඩු ගොනු කිරීමට අද දින පොලිසිය විසින් කටයුතු කළ අතර සැකකරු මානසික වෛද්‍යවරයකු වෙත යොමු කර වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය කල ඉල්ලීමට මහේස්ත්‍රාත්වරියගේ අනුමැතිය ලැබුණා.

එමෙන්ම මියගිය ඉෂාර හර්ෂ කුමාර සමග අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිට් හුසේන් හෙවත් මදූ නැමැත්තා අද දින පලමු වරට අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට යොමු කල අතර සැකකරු හදුනා ගැනීමට සාක්ෂිකරුට හැකි වු බවටත් වාර්තාවෙනවා.