පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් මේ වන විට රෝහල් ගතකිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
රුවන් වැලි සෑය අභියස පැවැති සත්යග්රහ භූමියේ දී අද උදෑසන පැවැති උණුසුම් වාතාවරණය හේතුකොටගෙන පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තුන් නමකගේ ආරක්ෂාව පතා උන් වහන්සේලා පොලීසියේ භාරයට ගෙන තිබුණා.
ඉන් අනතුරුව මේ වන විට පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් රෝහල් ගත කිරීමට අනුරාධපුර පොලීසිය කටයුතු කර තිබෙනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ උන් වහන්සේ ඇතුළත් කර ඇති බවට වාර්තාවෙනවා.
