පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් හතරකට තවදුරටත් නාය යෑම් අනතුරු අඟවා තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරු 4.00 සිට හෙට (13) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත්කර තිබෙන කාලගුණ අනාවැකි නිවේදනයේ මේ බව සඳහන් වෙනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, සොරොන්තොට, හාළිඇල, පස්සර, බණ්ඩාරවෙල සහ ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඔවිට, අරණායක, මාවනැල්ල, දෙරණියගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් ද, නුවර එළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළේ, නිල්දණ්ඩාහින්න, වලපනේ, නෝර්වූඩ් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයන් ද, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, වැලිගේපොල, ඇලපාත, අයගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා එ අවට ප්‍රදේශයන් වල ජීවත්වන ජනතාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නායයෑම් සම්බන්ධව දැඩි අවධානයෙන් පසුවිය යුතු ඇම්බර් නිවේදනය නිකුත්කොට තිබෙනවා.
